Tuesday, March 3, 2015

හද නටඹුන් පුදසුන මත කඩුපුල් මල් පිපුනා...


මට හසරැල් සැගෙව්වාට අතේ දුරින් රඳවා
නුඹ දැන් දුන් හිතවත්කම් මා හද නිති රැඳුනා
සිහින ලොවින් පිටවී මා සමුගන්නට සිතු දා 
හද නටඹුන් පුදසුන මත කඩුපුල් මල් පිපුනා

හිමි වි ඔබ අහිමිව ගිය යුගය අදින් නිම වී
දුටු ඒ සුබ සිහිනේදී මංමුලා උනා පමණී
මහදේ ඔබ සුරකින්නට පැතූ අතරමගදී
මට පෙට මුල්තැන ගත හද පතුලේ ඔබ දුටිමී

නොසිතූ සේ හද පැතුමන් ගියත් මෙසේ බොඳවී
පෙම නොසැලී ඒ පැතුමන් දැවී ගියා පමණී
සුසුමින් හද නිවාලන්න වෙර දරනා විටදී
මට අවනත නැති වූ හද පතුලේ ඔබ දුටිමී

-ඉසුරු රම්බන්ඩාරගේ-

No comments:

Post a Comment