Friday, December 26, 2014

උඩු ගං



නටුවෙන් මිදුණු පර මල් ගං දිය සිඹින...
ගං දිය දෙසට මිස උඩු ගං නොයන සඳ...
සකිසඳ නොම දුවන් ලෝ දන දුවන මඟ...
ගඟ දිය සිඹින පර මලකට නොවන් සම...

Thursday, December 11, 2014

කවදාහරි.......


එදා 
පැතුවා ඔබ මගේ වෙන්න 
මෙදා 
බැරි උනි මට ඔබේ වෙන්න 
එත් කවදාහරි 
එක මොහොතක් මගේ වෙන්න 
හැමදාමත් 
හුස්මගන්න...

Monday, November 10, 2014

මතකද නුඹට මට වගේ...

සමාවෙන්න මිතුරියේ
ඔබ ඉල්ලු සෑම දේ
මාගෙන් නොලැබුන හින්දා
සිතන්න ළබැඳියේ
මා දුන්නු එකම දේ
ඔබ හැඳිනුයේ කෙලෙසද කියලා

ලෙන්ගතුකමද මගේ
මට බැඳි සිතද නුඹේ
අප වෙන් කලේ මිතුරියේ
නොදනිමි කෙලෙස උනේ
මිතුදම් සැඟව ගියේ
හද කී දෙයයි මා කලේ
හද කී දෙයයි මා කලේ

විරසක නොවූ සිතින්
මතු වූ හසරැල්ලෙන්
යළි හමුවෙමු සුහදිනියේ
පාසල් සමය එසේ
මතකය රැඳුණු අපේ
මතකද නුඹට මට වගේ
මතකද නුඹට මට වගේ

-ඉසුරු රංබණ්ඩාරගේ- 

Sunday, November 9, 2014

අතීත සිතුවම් (Past Memories)

ආදරෙන් සුරැකි නිති
අබලන් කලා භවන තුල
කඳුළු සායමින් ඔප වැටුණි
දෑතට ගෙන බැලූ කල
-ඉසුරු රංබණ්ඩාරගේ- 

Thursday, November 6, 2014

කඳුල හිනාවක් කල මැන නැලවෙන් මගේ උණුහුම ළඟ...

පියුම නුඹයි පිපි කඳුළු විලේ
පිපෙනු පැතූ මා සතුටු විලේ
පෙර දින නොසිතූ සේ ඉනු කඳුලින්
බොඳ වූ නෙතු මා යළි පණ ලැබුවේ
රන් කිරි නොඉරූ දෙතොල් අගින්
ඉහිරෙන සුරතල් සිනාරැලින්

ඇගෙන් පැතූ දෑ මා ළඟ
එපමණ නෑ මා රන් පුත
නමුදු සිතේ ඇති සවි බල
කැප කරනෙම් නුඹේ මතුවට
කඳුල හිනාවක් කල මැන
නැලවෙන් මගේ උණුහුම ළඟ...

බලෙන් රැගෙන ගිය ගමනක
යන්න ගියත් ඈ පෙර දින
බලා හිඳී නුඹ මා දෙස
ඇගේ නිවන නුඹේ සැනසුම
කඳුල හිනාවක් කල මැන
නැලවෙන් මගේ උණුහුම ළඟ...

-ඉසුරු රංබණ්ඩාරගේ-

Wednesday, November 5, 2014

සල්ලියේ...

සල්ලියේ නැති නිසා නුඹ
ඇති පදං පදිරි වෙන මම
ඇති නිසා නුඹ
සැනසෙනා උන්ගේ ලොවෙන් උගතිමි
ආදරය හා සතුට
කලකට පෙර සුඛෝපභෝගී භාණ්ඩ ලෙස ගැසට් කර ඇති බව... 
-ඉසුරු රංබණ්ඩාරගේ-